Sati Pasala or How to Practice Mindfulness

නිව් හෝප්වෙල් සහ විකිළිය තේ කර්මාන්තශාලා සමූහය සති පාසල පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩසටහන

දිනය : 2018 මැයි 03 වන දින
වේලාව : පෙ.ව 8.30 සිට 11.30 දක්වා
සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි
ස්ථානය : නිව් හෝප්වෙල් ශ‍්‍රවණාගාරය
කර්මාන්තශාලා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක රන්ජන් ගාමණි වල්පොල මැතිතුමාගේ අදහසකට අනූව එතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල්වල දූ දරුවන් තුල සති පාසල ප්‍රචලිත කිරීම සිදු වන්නේ නිව් හෝප්වෙල් සහ විකිළිය තේ කර්මාන්තශාලා සමූහයේ පූර්ණ දායකත්වයෙනි. තෝරාගත් පාසල් 25 ක දරු දැරියන් 205 ක් සහ ගුරු භවතුන් 50 ඇතුලූව 320 ක් සහභාගී කරවාගෙන විශේෂ පුහුණු වැඩසටහනක් 2018 මැයි 03 වන දින පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා නිව් හෝප්වෙල් තේ කර්මාන්තශාලා ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. පර්යංක භාවනාව සහ සක්මන් භාවනාව ප්‍රායෝගිකව පුහුණුවීමටද සහභාගීවූවන්ට අවස්ථාව ලැබිණි. මෙම වැඩසටහන අවසානයේදී ඉදිරි වැඩසටහන් සඳහාද දින නියම කරගන්නා ලදී.
මීට අමතරව නිව් හෝප්වෙල් සහ විකිළිය තේ කර්මාන්තශාලා සමූහය සතිමත්බව කර්මාන්තශාලාව තුළ ප්‍රගුණ කිරීමේ වැඩසටහනක් පවත්වාගෙන යනු ලබයි. සිහි නුවණින් කටයුතු කර ජීවිතය ජය ගැනීම වෙනුවෙන් නිව් හෝප්වෙල් සහ විකිළිය ඇතුළු තේ කර්මාන්තශාලා සමූහයේ සෑම කර්මාන්ත ශාලාවකම සෑම වැඩ කරන දිනකම සියළු දෙනාම උදෑසන 8.00 ට සතිමත් භාවනාවේ පිහිටුවනු ලබයි. දළු නිලධාරීන් කණ්ඩායම සෑම දිනකම ප.ව 1.00 ෙඏාත‍්‍රයට යාමට පෙර සතිමත් භාවනාවේ නියැළෙයි. සාර්ථක අධ්‍යාත්මික සහ වෘත්තීය ජීවිතයක් ඒ තුළින් ලඟා කරගත හැකි බව සියලු දෙනාගේ අදහසයි. යෙදෙන කාල ප‍්‍රමාණය වැඩිකරම්න් සතිමත්භාවය පිළිබඳ මෙම අභ්‍යාසයන් දිගින් දිගටම පවත්වාගෙන යායුතු බව කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ අදහසයි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.