Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Sati Pasala Story

අපගේ කතාව

සති පාසල යනු කුමක්ද?

සති පාසල යනු ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට සතිය හඳුන්වාදීම සඳහා ආරම්භ කළ වැඩසටහනක්. පළමුව මීතිරිගල නිස්සරණ වනය අරාන්‍යයට කිට්ටු දහම් පාසැල් හා අනිකුත් පාසැල් කිහිපයකට සීමිත අයුරින් සතිය ඉගැන්වීමේ වැඩ සටහන් කිහිපයක් පවත්වන ලදී. ඒ වැඩසටහන් වලට සහභාගි වූ ළමුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසාම සති පාසැල තව දුරටත් ව්‍යාප්ත කිරීමට සති පාසල ආරම්භ කල ස්වල්ප දෙනා ධෛර්යමත් වුනි.

මුලින්ම සතිය අර්ථ දක්වන්නෙ කොහොමද කියලා බලමු. 

සතිය යනු : යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොත එළැඹ සිටීමෙන් හා තීන්දු-තීරණ වලින් තොරව, ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම තුළින් මතුවන දැනුවත් වීමයි.

තීරණ ගැනීම, චිත්ත වේග පාලනය හා සමාජ අවබෝධය සදහා වගකිවයුතු මොළයේ කොටස් වැඩියෙන්ම වර්ධනය වන්නේ ලාබාල වයසේදී බව ස්නායු විද්‍යාඥයන් එකහෙලා පිළිගන්නවා.

තරුණ සිසුන්ගේ සතිමත් බව වැඩීම ඔවුන්ගේ අවධානය තියුණු වීමටත්, අධ්‍යාපනික වැඩ මනා ලෙස කරගෙන යාමටත් පැහැදිලිවම උදව්වෙනවා. සතිය පුහුණු කිරීම ලා බාල  හෝ තරුණ සිසුන්ට පමණක් සීමා නොකළ යුතුයි. අනාගත පරම්පරාව මෙහෙයවීමේ කාර්යය සිදුකරන දෙමාපියන්, ගුරුවරුන් හා අනිකුත් පුද්ගලයින්ද සතිය පුහුණු කළ යුතුයි.

සති පාසලේ වැඩසටහන් මෙහෙයවන්නේ සතිය පුහුණු කිරීම වෙනුවෙන් කැපවී සිටින වෘත්තිකයන් කණ්ඩායමක් විසින්. අවුරුදු 40 ක් සතිය පුහුණු කිරීමට කැපවූ නිසරණ වනය ආරණ්‍යයේ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේ නම සතිය පුහුණු කිරීම පිළිබඳව මෙම කණ්ඩායමට අවවාද හා අනුශාසනා ලබා දෙනවා.

ඊට අමතරව, සති පාසල වැඩ සටහන්වලට ස්වාධීන වෘත්තිකයන් ගේ විශේෂඥ දැනුම ද යොදා ගන්නවා. 

ආගම් හෝ ජාති භේද නොතකා සති පාසලේ වැඩසටහන් වලට සහභාගී වී ඒවායින් ප්‍රයෝජන ලබා ගන්නා මෙන් පාසල් විශ්වවිද්‍යාල වල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල සිසුන්ට, ගුරුවරුන්ට, පරිපාලකයින්ට හා දෙමාපියන්ට ද ආරාධනා කර සිටිමු.

 

Our Story

What is Sati Pasala?

Sati Pasala is a learning programme that teaches children how to integrate mindfulness into their daily activities. Let us first see what mindfulness means.

Mindfulness became a buzz word in the West only in the 21 st century. But this is not newto Sri Lankans and many Asians.

Although the word Mindfulness encompasses a broad and deep meaning, we can describe it in simple language: mindfulness is focusing attention on the present mental or physical activity continuing from moment to moment, without coming to hasty judgments or decisions. Mindfulness also encompasses the mind’s ability to know when mind wonders away from the present moment activity.

This skill of paying attention to the present moment naturally enriches the quality of one’s life experiences. When one learns the skill of being mindful habitually, one develops another skill known as clear comprehension. Both these qualities of mind acting together produces amazing results. In Sri Lanka, our older generations loosely described this as “Sihiya.”

Almost all educators and psychologists agree that development of areas in the brain that control decision making, emotional well-being, and social integration are crucial in the young children.

However, learning mindfulness is not only for young children. Even older students could greatly benefit from learning mindfulness. Mindfulness improves concentration. So, learning this skill is most beneficial to older students who want to succeed in their academics. It goes without saying that adults who are driving their children to succeed cannot do so without being mindful.

Sati Pasala volunteers are professionals from all walks of life. In addition to using their own expertise, they act under the guidance of Venerable Uda Eriyagama Dhammajiva Thero, a forest Buddhist monk who has practices mindfulness for 40 years. He continues to live in a forest monastery dedicated to mindfulness practice.

Sati Pasala aims to teach mindfulness to the present and future generations without any regard to race, religion or social status. We appeal to all of you to put aside all differences and become a part of this organization by learning mindfulness or by volunteering your services.