Education Ministry

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි වූ අතර ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. වැඩසටහනේ සංවිධාන කටයුතු මහව භාෂා සහ මානව ශාස්ත්‍රය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයනා කුමාරි මහත්මිය ප්‍රමුක ගුරු උපදේශක නිමල් වාසල මහතා, ධර්මපාල මහතා සහ ගුරු උපදේෂිකා කුමාරිහාමි මහත්මියගේ මූලිකත්වයෙන් සිදු විය.

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය Read More »

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 06 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 150 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය Read More »