Minuwangoda

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

මිනුවන්ගොඩ කලාපයේ පාසල් 08 ක 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.23 දින සිදුකරන ලදි.

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 06 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 150 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය Read More »

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර දෙමාපියන් 80ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 24 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »