Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Beginners Guide

Beginners Guide

සති පාසල යනු කුමක්ද?

සති පාසල යනු ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට, ගුරුවරුන්ට සහ පාසල් ශේස්ත්‍රයේ සිටින්නන් හට සතිය හඳුන්වාදීම සහ පුහුණු කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහනක්. සමහර බටහිර ලෝකයේ රටවල් වල සතිය පුහුණු කිරීමේ වැඩ පිළිවෙළවල් පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වී, සතිය අධ්‍යාපන ශේස්ත්‍රයට අනුබද්ධ කිරීමේ වැඩ පිළිවෙළවල් සකස් කර තිබෙන නමුත්, ශ්‍රී ලංකාව තුල සතිය පිළිබඳ ව අධ්‍යාපන ශේස්ත්‍රයට අනුබද්ධ කිරීමේ ක්‍රමානුකූල වැඩ පිළිවෙළක් තවමත් සකස් වී නොමැත. එම අරමුණ පෙරදැරිව 2016 වර්ෂයේ මාර්තු මාසයේ දී සති පාසල ආරම්භ කරනු ලැබුවා.

සතිය යනු කුමක්ද?

  • යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොත එළැඹ සිටීමෙන් හා තීන්දු-තීරණ වලින් තොරව, ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම තුළින් මතුවන දැනුවත් වීමයි.
  • තවත්ආකාරයකින් අර්ථ දැක්වූවොත්, මේ මොහොතේ තමා කරන කියන දේට සිහිය යොදා කිරීම, මුළු හදින්ම කිරීම, දෙඅතින්ම කිරීම මෙයින් කියවෙයි.

සතිමත් බව පුහුණු වන ප්‍රධාන ආකාර

  1. ඉඳගෙන සතිමත් වීම
  2. ඇවිදින විට සතිමත් වීම
  3. එදිනෙදා වැඩකටයුතු කරන විට සතිමත් වීම

සතිමත් අත්දැකීම්