Sati Pasala or How to Practice Mindfulness

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් සුදුසු ප්‍රතිශක්තීකරණය

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් හොඳ ප්‍රතිශක්තිය වන්නේ දිනකට අවම වශයෙන් විනාඩි 30 ක කාලයක් වත් සතියෙන් ඇවිදීමයි. ඒ වගේම “මමත් එක්ක මම” කියල සතියෙන් වාඩි වෙලා මනසට විවේකයක් ගන්න එකත් ප්‍රතිශක්තිය වැඩි කරන තවත් වටිනා ක්‍රමයක්.

Covid 19 නිසා අප පවුලේ සියලු දෙනා “බුබුළ” තුල ඉන්න නිසා, ගෙමිදුලේ ඇවිදීමට අපට හොඳ කාලයක් ලැබී ඇත.

  • අවම වශයෙන් විනාඩි 30 ක කාලයක් වත් “ඇවිදින බව දැනගෙන” සතියෙන් ඇවිදිමු.
  • ඇවිදීමෙන් පසුව, නිදහස් තැනක අවම වශයෙන් විනාඩි 10 ක කාලයක් වත් “ඉඳ ගෙන ඉන්න බව දැනගෙන” සතියෙන් ඉඳ ගෙන විවේක ගමු.

ඇවිදීමේ වටිනාකම ගැන දැන ගන්න පහත සඳහන් සටන කියවන්න.

සතියෙන් ඇවිදීම සහ සතියෙන් ඉඳ ගැනීම-ශරීරය සහ මනස පිලිබඳ විද්‍යාව.

වසර 5000 කට ඈත අතීතයේ ඉන්දියාවේ ප්‍රඥාවන්තයෝ විශ්වාස කළා “පාදය” මුළු විශ්වය ම එකමුතු කරවන සංකේතාත්මක ශක්තියක් ලෙස. එය සනාථ කරමින් , බුදු පියාණන් වහන්සේගේ පාදයේ යටිපතුලේ ඇති විශේෂ ලක්ෂණ සංකේතවත් කරන්නේ විශ්ව ශක්තිය සහ යථාර්ථය බව එකල සංස්කෘත ලේඛනවල සඳහන් වෙනවා.

නවීන “නිල සම්බාහන විද්‍යාවේ මව” ලෙස ද හඳුන්වන ඉයුනිස් ඉංග්‍හැම් (Eunice Ingham) විසින් කරන ලද සමීක්ෂණ අනුව ඇය පෙන්වා දෙනවා පාදයේ නිල ලක්ෂ්‍යවල වැඩි ශක්තියක් තියන බව. පාදයේ යටි පතුල මුළු ශරීරයේ ම (switch board) යතුරු පුවරුව වශයෙන් පෙන්වා දෙන්න පාදයේ නිල සම්බාහනය ලක්ෂ සඳහන්  සිතියම සකස් කරලා තියනවා.

ශරීරයේ ප්‍රධාන යතුර ලෙස සලකන (Vagus Nerve) “සාරිකා ස්නායුව” හෘදය, පෙනහලු සහ ජීර්ණ පද්දතිය නිරෝගී ලෙස පවත්වා ගෙන යන්න විශාල මෙහෙවරක් කරනවා. සාරිකා ස්නායුවේ ස්වරය “Vagal Tone” දුර්වල නම්, සම බර නැත්නම් නිදන්ගත රෝග සඳහා ඒ දුර්වල වීම බලපාන්න පුළුවන් බව කියනවා. එම ස්නායුවට සම්බන්ධ නිල ලක්ෂ්‍ය පාදයේ පිහිටා ඇති හෙයින් ඒවා ඇවිදින විට පෘථිවිය සමග ස්පර්ශ වීම නිසා, එමගින් නිකුත් කරන සංඥාවන් මගින් “සාරිකා ස්වරය” ශක්තිමත් කරන නිසා , හෘදය , පෙනහලු සහ ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්න වන බව සහ එමගින් බොහෝ නිදන් ගත රෝග වලින් වැළකීමට පුළුවන් බව එම ලිපියේ පෙන්වා දෙනවා. 

ඒ වගේම “ඇවිදීම හොඳම බෙහෙත” (Best medicine”) කියල වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකන හිපොක්‍රටිස් (Hippocrates) කියනවා නිරෝගිකම ඇති වෙන්න නම් ඇවිදීම කරන්න , ස්වභාව ධර්මයට ලං වෙන්න කියල.

නිර්මාණ ශක්තිය ගැන කතා කරන දර්ශනවාදියෙක්, කවියෙක්, සංස්කෘතිය සහ ආගම් ගැන විප්ලවීය අදහස් දක්වපු අයෙක් වන ෆෙඩ්රික් නිට්ෂ “ Friedrich Nietzsche” කියන්නේ හැම වටිනා සිතුවිල්ලක් ම බිහි වෙන්නේ ඇවිදින විටයි කියල.

සාමාන්‍ය ඇවිදීම එච්චර වටිනවා නම් සතියෙන් ඇවිදීම කොච්චර වටිනවා ද කියල ලංකාවේ සති පාසල පෙන්වා දෙනවා. ඇවිදින කොට ඇවිදින බව දැනගෙන, හිත වෙනත් අරමුණු වලින් තොරව ඉන්න පුළුවන් කම ලැබෙන නිසා, හිතයි පාදයයි දෙකම මහ පොළොවත් එක්ක එකතු වෙනවා කියල. එකට ස්පර්ශ කරනවා. මහ පොළොවේ තියෙන විද්‍යුත් චුම්බක ශක්තිය සහ ශරීරයේ තියන විද්‍යුත් ශක්තිය සමග මනසත් එකතු වෙනවා. සම බර වෙනවා. මනස වෙන තැනක නැති නිසා , එහි ඇති වෙන ස්පර්ශය සැහැල්ලුයි. එම සැහැල්ලු සම බර ගතිය නිසා ඇති වෙන සම්බාහනය මගින් ඉහත දැක්වූ ප්‍රතිඵල වන ඔක්සිජන් සම සේ බෙදීම, රුධිරයේ සම ලෙස ගලනය, පෝෂ්‍ය පදාර්ථ සමසේ බෙදීම සහ අපවිත්‍ර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම වඩාත් කාර්යක්ෂම ලෙස කෙරෙනවා. සතියෙන් ඇවිදින කෙනා නිරෝගී වෙනවා. ඒ නිරෝගී කම රඳා පවතිනවා.

පහසුවෙන් වාඩි වෙලා තමන්ගේ ඉරියව්වත් එක්ක ඉන්න එක තමයි සතිමත් ඉඳ ගැනීම හෙවත් සැහැල්ලුවෙන් ඉඳ ගෙන ඉන්නවා කියන්නේ. තමන් ඉඳ ගෙන ඉන්න බව දැන ගෙන ඉන්නවා. ඇස් දෙක සැහැල්ලුවෙන් වහ ගන්නවා. සද්ද ඇහුනට සිතුවිලි ආවට කමක් නැහැ. ඒවා ඇවිත් යනවා.

මෙහෙම ඉන්න කොට හිත අවට ලෝකයෙන් අයින් වෙන නිසා තමන්ගේ මනසට ලොකු සැහැල්ලුවක් එනවා. ඒ සැහැල්ලුව ශරීරයට සහ මනසට ලොකු විවේකයක්. මෙය දවසට ටික වෙලාවක් පුරුදු කලොත් ඒ ලැබෙන මානසික විවේකය නිසා ඕනෑම කරදරයකට මුහුණ දීමේ හැකියාව දියුණු වෙනවා. මනසට සහ ශරීරයට දෙකටම ප්‍රතිශක්තිකරණය සිදු වෙනවා.

සතියෙන් ඇවිදීම සහ සතියෙන් ඉඳ ගැනීම ගැන වැඩි දුර විස්තර සඳහා සති පාසල වෙබ් එකට පිවිසෙන්න. https://www.satipasala.org/

The Best Immunity for Mental and Physical Well-being

The best immunity for mental and physical well-being is walking mindfully at least for 30 minutes a day. Another great way to boost immunity and to relax the mind is sitting mindfully and to be “I am with me “. 
At present In New Zealand one family is identified as one “bubble” because of Covid 19 and this ‘bubble’ is expected to be and act together, so now we have a great opportunity to walk in our garden as a family.

  • We can walk mindfully knowing that “we are walking” at least for 30 minutes.
  • After walking, we can relax sitting mindfully in a quiet place, knowing that “we are sitting” at least for 10 minutes.

Please read the following notes to understand the value of walking.

The Body & Mind science of Mindful walking & sitting

The intellectuals, who lived in India before 5000 years ago, believed that the feet represented a symbol of energy which kept together the entire universe. The Sanskrit scriptures written on those days, symbolizing the special features on the soles of the Lord Buddha as the universal energy and reality confirms the above statement.

In the surveys conducted by Eunice Ingham who is known as the mother of modern reflexology, she explains that the pressure points of the feet have more energy. A map has been prepared to depict that the bottom of the feet is the switch board of the entire body.

Health & Wellness experts points out that since the pressure points are connected to the nerve endings of the Vagus nerve situated in the feet, the signals emitted when such points come into contact with the earth while walking leads to strengthening of the Vagus Nerve, and as a result the heart, lungs and the digestive system becomes healthy which helps to protect from chronic illnesses.

Father of medicine, Hippocrates- said that walking is the best medicine and in order to keep the body healthy, one needs to walk and be close to the nature.

Friedrich Nietzsche – a philosopher, poet and one who spoke about innovation, expressed revolutionary ideas about culture and religion, said that every valuable thought is born while walking.

If the normal walking is so beneficial, Sati Pasala illustrates how the mindful walking is much greater than normal walking. Since, the mindful walking creates the ability to keep mind free from other pursuits, while consciously engaged in walking, the mind and the foot both come into contact with the earth. The mind comes into contact with the electro-magnetic power of the earth and the electric power of the body and results in a balance. Since the mind is not elsewhere, the contact created by that light balance creates the aforesaid results, namely, the uniform distribution of oxygen, the uniform flow of blood, the uniform distribution of nutritional elements and the elimination of waste chemicals in a more efficient manner. The person who walks mindfully becomes healthy and that health will stay longer.

Sitting comfortably and mindfully with your body is one of the best ways to relax your mind. You know that you are sitting down. The eyes are closed gently. It is alright to hear noises. It is alright to have thoughts. They come and go.

During the mindful sitting the mind is relieved from the surrounding world which helps the mind and body to be calm leading to great relaxation. If you practice mindful sitting for a while, it will help you to achieve calmness in the mind giving the ability to cope with any stress. The result is increase immunity of both mind and body.

Please visit the Sati Pasala web for more details about Mindful walking & Mindful sitting: https://www.satipasala.org/

Sati Pasala – Dunedin Mindful Group

1 thought on “මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් සුදුසු ප්‍රතිශක්තීකරණය”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.