Sati Pasala or How to Practice Mindfulness

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ 1 වසර ප්‍රාථමික ගුරුවරුන් සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා බස්නාහිර පළාත් ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා ඇතුළුව ගුරුවරුන් 112 සහභාගි විය.

කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම්, ආවේග වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.