Sati Pasala or How to Practice Mindfulness

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි. සතිමත් බව හා අභියෝග ජයගැනීම වැඩසටහනේ අරමුණ වූ අතර වැඩසටහන මෙහෙයවීම සති පාසල නිර්මාතෘ අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදි. වැඩසටහන සඳහා 220ක පමණ පිරිසක් සම්බන්ධ විය.

Location: https://goo.gl/maps/dhaaP7hN1Dy3dzvR9

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.