Sati Pasala or How to Practice Mindfulness

කොරෝනා වන්නම

(නාද රටාව – කිරලා වන්නම)

තම්දෙන තනෙන තනා   –   තන තම්දෙන  –   තම්දෙන තනෙන තනා……

තෙයි තන තතන තනා   –   තන තම්දෙන  –   තෙයි තන තතන තනා …….

සුර පුරටම  යන්නා     –   වගෙම නෙවැ –   කදිමට දිස් වෙන්නා

නිර්මල  බව පෙන්නා   –   සුධා ධවල වු  –    ගිරි හිස බබළන්නා

                        තිබෙනා මිහි මඬලේ   –  ගිරි කුළු –  අතුරින් මුල් වන්නී   

                        හිමාල කඳු  වැටියේ    –  ඉහළම  – ගිරි කුළ ඇය වන්නී

තම්දෙන …….

 උත්තම බව දන්නා  –   භාරත පුතුන්  –  ඇය ගරු කරමින්නා   

 දෙවඟනකියි ගන්නා –   “සගර්මාතා” –      හිමිදිරියේ  පුදනා      

                        සුදු ඇත්තෝ එන්නා    – “එවරස්ට්”  –     නාමය  උන් දුන්නා

                        එනමුත් ඇය  දන්නා    –  අප හට   – “සගර්මාතා”ම  වෙන්නා

තම්දෙන …….

 රට දියුණට යන්නා    –  ඉතිකින්   –   පැක්ටරි බිහි වෙන්නා

 විස දුම් පැතිරෙන්නා  –  ඉඳකින්    –  සගර්මාතාව  වැහුණා

                        සැදැහැතියෝ  එන්නා   –  තැතිගෙන    –  ළෙහි අත් ගසමින්නා

                        දෙවඟන කොයි යන්නා –  දැයි කියමින්   –     අඬා හෝගාන්නා

තම්දෙන …….

 කොරෝනාව එන්නා  – සේරොම   –  පැක්ටරි ටික වැහුණා

 වාහන  නතර වුණා   –  විස දුම   –  හොඳටම ඉවර  වුණා

මොකද්දෑ උනේ ඉතින් …

අන්න බලන් සකි මෙන්න බලන් සකි   –   ඇස් අදහාගන්නට බැරි වෙනවා!

නිල්වන් අහසේ සුරපුර වෙත යන      –    “සගර්මාතා”ව දැන් දිස් වෙනවා!!!

සුධා ධවල නිර්මල වූ ගිරි කුළ          –       යස කදිමට ආං  වැජඹෙනවා

අනේ කොරෝනා නුඹගේ හොඳකුත්    –       ඔන්න ඉතින් දැං  කියවෙනවා.

                                                          තක දොං –  දැන් නං කියවෙනවා.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.