Sati Pasala or How to Practice Mindfulness

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක්

කොරෝනා නමින් වයිරසයක් ඇවිදින්
සලකුණු තබමින් යන්නේ ගම් රටවල සැරි සරමින්
කැස්ස හෙම්බිරිස්ස වගේ සමහරෙකුට උණ ගනිමින්
හුස්ම ගන්න අපහසු වී මිනිසුන් සැම ලෙඩ කරමින්

නො ගැවසෙන්න අනවසරයෙ අත් දෙක සෝදමු හැමවිට
සතිමත් වෙමු හැම මොහොතෙම මුහුණ එපා අල්ලන්නට
රෝග ලකුණු තිබුනොත් අපි අවංක වෙමු පවසන්නට
වැරදි පුවත් නොකියා අපි රකිමු නිහඬ බව හැම විට

නිවාඩුවක් ලැබිලා අපි නිදහස් වී ගෙදර ඉන්න
අවැසි සේවයට සමහරු වෙහෙසෙනවා රට රකින්න
කීකරු ළමයින් ලෙස අපි රජය කියන දේ අහන්න
සති පාසලෙ කියල දුන්න සිහි නුවනට පන පොවන්න

ඉර අව්වේ උදේට අපි ඇවිදිමු “ඇවිදින බව” දනීමින්
සැහැල්ලුවෙන් ඉඳ ගමු අපි ඉඳ ගන්නා බව දනීමින්
අම්ම තාත්තට හැම විට උදව් කරමු අපි සතියෙන්
ලොවේ ඉන්න ළමයින් හට ආදර්ශය දෙමු මෙලෙසින්

උණු වතුරයි ලුණු වතුරයි හරි වටිනා බව දනිමින්
වෙරළු ගෙඩිය හත් අටකට බෙදපු බවත් සිහි කරමින්
බෙදා ගනිමු ලැබෙන දෙයක් පිරි මැස්මෙන් අපි සතුටින්
රටම එකම පවුලක් ලෙස සිහි කරමු ද සමගි සිතින්

ලෙඩ සෑදී සිටින සැමට නිරෝගී සුව ඇති වෙන්නට
සතිමත් දරුවන් ලෙස අපි හද තුල සෙනෙහස දෙන්නට
මෙත් කරුණා ගුණ සිසිලස හැම දෙනාට පතුරු වන්ට
අප්‍රමාද ලෙසින් මෙලෙස ජවය දෙන්නේ සිහි නුවනට

ආගම් සහ ජාති බේද නොමැති සහෝදර හැමටම
අට ලෝ දහමේ නො සැලී සැනසිල්ලේ ගත කරන්ට
මේ මොහොතට අවදි වන්න නව මාවත ගොඩ නගන්ට
“සති පාසල” අපි කැප වෙමු “සතියේ” බලය පෙන්වන්නට

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.