Sati Pasala

කොරෝනා-වන්නම

කොරෝනා වන්නම

තම්දෙන තනෙන තනා – තන තම්දෙන – තම්දෙන තනෙන තනා……තෙයි තන තතන තනා – තන තම්දෙන – තෙයි තන තතන තනා …….සුර පුරටම යන්නා – වගෙම නෙවැ – කදිමට දිස් වෙන්නා නිර්මල බව පෙන්නා – සුධා ධවල වු – ගිරි හිස බබළන්නා තිබෙනා මිහි මඬලේ – ගිරි කුළු – අතුරින් මුල් වන්නී හිමාල කඳු වැටියේ – ඉහළම – ගිරි කුළ ඇය වන්නී

කොරෝනා වන්නම Read More »

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම

පාසල් දින නියමයක් නැතිව වහලා. ළමයි සේරම ගෙදර කොටුවෙලා. ප්‍රවුර්ති වලට කියන්නේ, කොවිඩ්..කොවිඩ්…කොවිඩ්. අම්මා තාත්තා සමග මේ ගැන කතා කරනවා. ඊට පස්සේ වැඩට යන එක ගැන, කෑම ගැන, අපේ ආරක්ෂාව ගැන, එක එක දේවල්….. මට ඒවා හරිම කරදරයක්. බයකුත් හිතෙනවා….අපිට රස කතා කියල දුන්න ආත්තම්මාට සීයාට අපිව බලන්න එන්නත් බැහැ. වෙනද සෙල්ලම් කරපු යහළුවන් සමග එකතු වෙන්නත් බැහැ. මොකක් ද අනේ මේ කොවිඩ්?

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම Read More »

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

පුංචි “කොරෝනා” වයිරසය අද මුළු ලෝකයක් හොලවනවා. අලියාගේ හොඬ වැලට කුඹියෙක් රිංගා ගත්තා වගේ.
ඉතින් මේ “කොරෝනා” කුඹියාව අයින් කරන්න හැම රටකම රජය සහ අත්‍යාවශ්‍ය සේවා බොහෝම කැපවීමකින් වැඩ කරගෙන යනවා. අනිකුත් සියලුම වැසියන්ට ගෙදරවල් වල ඉන්න නිවාඩු දීලා.

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා Read More »

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (5 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (5 වෙනි ලිපිය)

ඉතින් කොහොමද? විවේකිව ඉන්නවා කියලා හිතනවා. ලොව පුරා COVID-19 නැත්නම් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යනවා. වෛරසය නිසා ඇතිවෙලා තියෙන ආතතිය හා කාංසාව නැත්නම් බය ඒ සමඟම ඉහළ ගොස් තියෙනවා.

කාටහරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ භීතිය තියෙන්නේ වෛරසයක් එක්ක, ඒක බලපාන්නේ කයට, එහෙනම් මනස කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි කියල. අපි බලමු ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (5 වෙනි ලිපිය) Read More »

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (4 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (4 වෙනි ලිපිය)

ඉතින් යාලුවනේ අදත් ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන ආවා. මගේ යාලුවෙක් කියල එවනවා දැන් නවසීලන්තය lock down කරලා දවස් දෙකයි. දැනටම ඇතිවෙලා කියල. හ්ම්. කොහොමද ඒ කතාව. අපි දැන් කීදවසක්ද මෙහෙම ගේ ඇතුලට වෙලා. අපිට ස්වභාවධර්මයේ ආරක්ෂාව තියෙනවා. හිරුඑළිය, හොඳ වාතාශ්‍රය, මේ දිනවල වැස්ස ටිකක් අඩු වුනාට ඒකත් කන්නය පටන් ගන්නකොට ලැබෙයි. ඉතින් අපිට ගෙදරට වෙලා ඉන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. අපිට කරන්න ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් නිකන් ගෙදරට වෙලා කාලය කාදාන්නේ නැතිව.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (4 වෙනි ලිපිය) Read More »

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක්

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක්

වයිරසයක් ඇවිල්ලා එයාගේ නම කොරෝනා
සලකුණු තබමින් හැම තැන ගම් රටවල ඇවිදිනා
කැස්ස හෙම්බිරිස්ස වගේ සමහරෙකුට උණ ගන්නා
හුස්ම ගන්න අපහසු වී යන්නෙ රෝහලට පන්නා

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක් Read More »

සැනසිල්ලේ නැලවිල්ලේ ඉන්නා සඳේ..කරදර නැතුව පාඩුවේ..

සැනසිල්ලේ නැලවිල්ලේ ඉන්නා සඳේ..කරදර නැතුව පාඩුවේ..

දින නියමයක් නැති නිවාඩුවක්? හොඳ ද , නරක ද ?ඒ ප්‍රශ්න දෙකම තියෙන්නේ අපේ මනසේ … එහෙමනම් ..අපිට විසදුමක් තියනවා..“ඉස්කෝලේ යන්න උදේම නැගිටින්න ඕන… ගෙදර වැඩ කරන්නත් බැරි වුනා… ගුරුතුමිය බනියි.. …. හවස සංගීත පන්තිය, විද්‍යාව පන්තිය.. ගණන් පන්තිය.. .ටෙනිස්.. ක්‍රිකට්.. නැටුම් පන්ති.. පිහිනුම් පන්ති…..දහම් පාසල් ..සති පාසල් ..ඉරිදා පාසල් .. විභාග …තරඟය…අසහනය..

සැනසිල්ලේ නැලවිල්ලේ ඉන්නා සඳේ..කරදර නැතුව පාඩුවේ.. Read More »

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් සුදුසු ප්‍රතිශක්තීකරණය The Best Immunity for Mental and Physical Well-being

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් සුදුසු ප්‍රතිශක්තීකරණය

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් හොඳ ප්‍රතිශක්තිය වන්නේ දිනකට අවම වශයෙන් විනාඩි 30 ක කාලයක් වත් සතියෙන් ඇවිදීමයි. ඒ වගේම “මමත් එක්ක මම” කියල සතියෙන් වාඩි වෙලා මනසට විවේකයක් ගන්න එකත් ප්‍රතිශක්තිය වැඩි කරන තවත් වටිනා ක්‍රමයක්.Covid 19 නිසා අප පවුලේ සියලු දෙනා “බුබුළ” තුල ඉන්න නිසා, ගෙමිදුලේ ඇවිදීමට අපට හොඳ කාලයක් ලැබී ඇත. The best immunity for mental and physical well-being is walking mindfully at least for 30 minutes a day. Another great way to boost immunity and to relax the mind is sitting mindfully and to be “I am with me “. At present In New Zealand one family is identified as one “bubble” because of Covid 19 and this ‘bubble’ is expected to be and act together, so now we have a great opportunity to walk in our garden as a family.

මානසික සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වඩාත් සුදුසු ප්‍රතිශක්තීකරණය Read More »

කොරෝනා COVID 19 Coronavirus

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (3 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු විවේකය සතිමත්ව ගත කරන්නේ කොහොමද?
අදත් ඔයාලව මුණගැහෙන්න ආවා. හැබැයි අද නම් ආවේ වැඩියෙන්ම දුල පුතාලව මුන ගැහෙන්නයි.
ඉතින් කොහොමද නිවාඩු කාලේ. කොරෝනා නිසා බයෙන් ඉන්නේ කියන්න එපා. අපි හැමෝම ගෙවල් ඇතුලට වෙලා ස්වයං නිරෝධායනයට උදව් වෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. එහෙම නේද? නීති පිළිපදිමු. එතකොට බයවෙන්න දෙයක් නැහැ.
ඒත් එක දෙයක් මට හිතා ගන්න පුළුවන්. ගොඩක් කම්මැලිකමෙන් නේද ඉන්නේ.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (3 වෙනි ලිපිය) Read More »