සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය
රත්නපුර කුමර විද්‍යාලය මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 19 වන දින පවත්වන ලදී. මේ සඳහා සිසුන් 150 ක්, සංවිධායක මහතුන් සහ එම පාසලේ ගුරුවරුන් සහභාගි විය. ගරුතර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූවන් සඳහා පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.
සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය Read More »









