Kaduwela

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/09/30 දින සිදුකරන ලදි.

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමිය වන සරෝජනී අබේරත්න මහත්මියද සම්බන්ධ විය. මෙම වැඩසටහන දුලක්ෂි චේතනා ගුරුතුමිය විසින් සංවිධානය කරන ලදි.

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය Read More »

සති පාසල - රුක්‍ රෝපන සතිය

සති පාසල – රුක්‍ රෝපන සතිය

මිතිරිගල නිස්සරන වන අරණ්‍ය‍යයේ ප්‍රධාන කම්මඨානචර්‍ය උඩඊර්‍රයගම ධම්මජීව නායක මින්වහන්සෙගේ 70 වන ජන්ම දිනයට සමගාමීව සතිපාසල උපවන විනෝදය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද රුක්‍ රෝපන සතිය.

සති පාසල – රුක්‍ රෝපන සතිය Read More »

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවෙ මගපෙන්වීම යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකරන ලද සමාජසේවා වැඩසටහනකට සමගාමීව සති පාසල වැඩසටහනක් කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2021.12.09 දින පවත්වන ලදී.මෙහිදී විවිධ ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ද සහභාගිව සිටි අතර ඔවුනට වැඩසටහන විශාල මානසික සුවයක් වූ බව සඳහන් කරන ලදී.

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන Read More »

ශ්‍රී ලංකා පොලීසිය සඳහා "සති පාසල" වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදි. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන Read More »

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා ආදී වූ සතිමත් ක්‍රියාකාරකම් මහත් උද්‍යෝගයකින් නිරත විය. වැඩසටහන අවසානයේ ලබා ගත් අත්දැකීම් සාකච්ඡාවට බඳුන් විය.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »