සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ වයඹ, මධ්‍යම දෙදිසා පලාත් සංඝ සභාව සංවිධානය කල සති පිරිවෙණ වැඩසටහනක් ඉකුත් මැයි මස 19 වන දින පවත්වන ලදී. මේ සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලාට 30ස් නමක් පමණ සහභාගි විය. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.
සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර Read More »









