Sati Pasala

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය

ජාතික පාසල් 1000 අතුරින් ඌව පලාතට තෝරාගත් සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ගුරු සිසු සැමට සති පාසල හඳුන්වාදීමේ වැඩසටහන 2021.12.16 දින ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
සති පාසල් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය, දර්ශනී මහත්මියද වැඩසටහනට සම්බන්ධ විය. මෙම පාසලේ සතිමත්බව පුහුණුව නිතිපතා සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොමු කරවීමද සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය Read More »

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවෙ මගපෙන්වීම යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකරන ලද සමාජසේවා වැඩසටහනකට සමගාමීව සති පාසල වැඩසටහනක් කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2021.12.09 දින පවත්වන ලදී.මෙහිදී විවිධ ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ද සහභාගිව සිටි අතර ඔවුනට වැඩසටහන විශාල මානසික සුවයක් වූ බව සඳහන් කරන ලදී.

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන Read More »

Sati Pirivena Programs

සති පිරිවෙන වැඩසටහන්

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින්  “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස  + දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස  + සපුගොඩ පිරිවෙන කබුරුපිටිය  + කොටපොළ පිරිවෙන

සති පිරිවෙන වැඩසටහන් Read More »

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය-Sivali Central College

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය

2021/02/25 දින රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් 180ක් සඳහා “සති පාසල” වැඩසටහනක් සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය Read More »