Kurunegala

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම , යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් දොළොස් දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල Read More »

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala

The Sati Pasala mindfulness program was held on the 1st of December 2019 at Ethkandha Rajamaha Viharaya, Kurunegala. The participants consisted of more than 70 students, 20 Dhampasal teachers and 10 school teachers. The program was organized by Ms. Mallika Jayarathne with Kurunagala Sati Pasala Facilitators and conducted by Venerable Dammadeepa Thero. Mindful Yoga is conducted by Yogi Asanka.
Key Mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating and Mindful Games was conducted to give the message of mindfulness to the participants.

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය, කුරුණෑගල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය, කුරුණෑගල

වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලයේ 10 සහ 11 වසර සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 26 වන දින සුධර්මා කුමාරි ගොකරැල්ල මිය (විශ්‍රාම ගුරුතුමිය) විසින් පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය, කුරුණෑගල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

2019 පෙබරවාරි 17 දින කුරුණෑගල, ගනේවත්ත පාරේ ශ්‍රී බෝධිරුක්කාරම පන්සලේ දහම් පාසලේ සිසුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල

කුරුණෑගල, ග‍නේවත්ත පාරේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 17 වන දින පවත්වන ලදී. සුධර්මා කුමාරිගොකරැල්ල මිය (විශ්‍රාමික ගුරුතුමිය) විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල Read More »

Sati Pasala at Chandrathilakaramaya Temple, Kurunegala

Sati Pasala at Chandrathilakaramaya Temple, Kurunegala

Sati Pasala programme was conducted at Chandrathilakaramaya temple, Kurunegala on 2nd of December 2018. About 70 area residents participated in the programme which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. The participants practiced several mindful activities including mindful walking, mindful listening, mindful eating, mindful sitting and mindful games with mindful facilitators.

Sati Pasala at Chandrathilakaramaya Temple, Kurunegala Read More »